වයස අවුරුදු 60 සම්පූර්ණ වූ පොලීසියේ අයට අමතර සේවා දිගුවක්
04 August 2026
වයස අවුරුදු 60 සම්පූර්ණ වූ පොලීසියේ අයට අමතර සේවා දිගුවක්
04 August 2026
වයස අවුරුදු 60 සම්පූර්ණ ඇති යහපත් කල්ක්‍රියාවක් සහිත පොලිස් නිලධාරීන්ට තවත් වසරක සේවා දිගුවක් ලබාදීමේ හැකියාව සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.
පොලිස් දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩු පිළිබඳ විපක්ෂයෙන් යොමු කළ ප්‍රශ්නයකට පාර්ලිමේන්තුවේදී පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
ඔහු පැවසුවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් 10,000ක් පොලිස් සේවයට අනුයුක්ත කර ඇති අතර, ඉන් 6,000 දෙනෙකු මේ වන විට රාජකාරි භාරගෙන ඇති බවය.
පොලිස් දෙපාර්තමේන්තුව තුළ මානව සම්පත් හිඟයක් පවතින බව පිළිගන්නා බවත්, එම හිඟය කළමනාකරණය කරමින් විශේෂයෙන් පහළ ශ්‍රේණිවල නිලධාරීන් මුහුණ දෙන රාජකාරි බර අවම කිරීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

