brand logo
logo
නාමල්ගේ ඇප නියෝගය නොවැම්බර් 03 වැනිදා

නාමල්ගේ ඇප නියෝගය නොවැම්බර් 03 වැනිදා

28 October 2026 | කේ.එස්.උදයකුමාර

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඞ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය නොවැම්බර් මස 03 වැනිදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.


අල්ලස් කොමිසම සහ සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.


කොළඹ, කොටුව ප්‍රදේශයේ පිහිටි ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍රයේ පිහිටි ඉඩමක් බහුකාර්ය ව්‍යාපෘතියක් සඳහා ක්‍රිෂ් සමාගම වෙත පැවරීම කටයුතු ඉටුකර දීම සඳහා රුපියල් මිලියන 100ක අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් සැකපිට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාව අධිකරණය විසින් රිමාන්ඩ් භාරයට පත් කර තිබේ.


 

More News..