විෂ මත්ද්‍රව්‍යෙයන් මිදුණු 70%ක් සුරාවට ඇබ්බැහි වෙලා
13 July 2026 | එෆ්. අස්ලම්
විෂ මත්ද්‍රව්‍යෙයන් මිදුණු 70%ක් සුරාවට ඇබ්බැහි වෙලා
13 July 2026 | එෆ්. අස්ලම්
මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී පුනරුත්ථාපනය කර සමාජගත කළ පිරිස් අතරින් සියයට හැත්තෑවක්ම විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වී මත්පැන් පානය කරන බව සමීක්ෂණයකින් හෙළිවී තිබේ.
පුනරුත්ථාපන කාර්යංශය මගින් සිදුකරන ලද සමීක්ෂණයකට අනුව එම පුද්ගලයන් යහපත් කල් ක්‍රියාවකින් සමාජයේ හැසිරෙන බවත් ඔවුන් බීර, මත්පැන් හා දුම්වැටි පානය කරන බවත් පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් ශිරාන් අමිත් ‘අරුණ’ ට පැවැසීය.
විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ස්ව කැමැත්ත සහ අධිකරණ නියෝග මත පුනරුත්ථාපන කාර්යාංශයේ පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට යොමුකරන බවත් ඒ ආකාරයෙන් යොමුකරනු ලබන රැඳවූවන්ට මාස තුනක පුනරුත්ථාපනයක් ලබාදී සමාජ ගතකරන බවත් හෙතෙම කීවේය.
ඒ ආකාරයෙන් සමාජ ගතකරන පිරිස් සම්බන්ධයෙන් පුනරුත්ථාපන කාර්යාංශය විසින් වසර දෙකක කාලයක් අවස්ථා තුනකදී අධීක්ෂණය කරන බවද එහිදී පුනරුත්ථාපන ක්‍රියාවලිය අතිශය සාර්ථක බවට හෙළිවී තිබෙන බවද කොමසාරිස් ජනරාල්වරයා කීවේය.
මෙම සමීක්ෂණයට අනුව පුනරුත්ථාපනය ලබා සමාජගත වූවන් අතරින් සියයට තිහක පිරිසක් දුම්වැටියක් හෝ පානය නොකරන බවද ඔහු කියා සිටියේය.

