2027 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවන දිනය අදයි
23 November 2026
2027 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවන දිනය අදයි
23 November 2026
2027 අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ දෙවන දිනය අද (23) පැවැත්වෙයි.
ඒ අනුව, අදට නියමිත පාර්ලිමේන්තු සභාවාරයේ කටයුතු නියෝජ්‍ය කථානායක ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබේ.
අද පැවැත්වෙන විවාදයේදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.
2027 අයවැයේ තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය පසුගිය 21 වැනිදා ආරම්භ වූ අතර එය ලබන දෙසැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත.
එහි අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතය.
ජාතික ජන බලවේග රජයේ තෙවන අයවැය වන 2027 මුදල් වර්ෂයට අදාළ අයවැය යෝජනාවලිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
ඉන් අනතුරුව පැවති දෙවන වර කියවීමේ විවාදය දින හතක් පුරා පැවැත්වීමෙන් පසු, එය පසුගිය 20 වැනිදා පැවති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද 97කින් සම්මත විය.
එහිදී අයවැයට පක්ෂව ඡන්ද 157ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 60කි.


