ස්පාඤ්ඤයේ ලැව් ගින්නකින් 12දෙනෙකු මිය ගොස් 23දෙනෙකු අතුරුදන්
11 July 2026
ස්පාඤ්ඤයේ ලැව් ගින්නකින් 12දෙනෙකු මිය ගොස් 23දෙනෙකු අතුරුදන්
11 July 2026
දකුණු ස්පාඤ්ඤයේ ඇති වූ ලැව් ගින්නකින් පුද්ගලයින් 12දෙනෙකු මිය ගොස් තවත් 23දෙනෙකු අතුරුදන් වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගින්නට ගොදුරු වූවන්ගෙන් බහුතරයක් විදේශිකයන් විය හැකි බවට සැක පල කරන බවය.
මියගිය පුද්ගලයින්ගේ දේහයන් ලොස් ගැලාර්ඩෝස් නගරයට ආසන්නයේ පිහිටි බෙඩාර් නම් කුඩා ගම්මානයේ අවටින් සොයා ගෙන ඇති බවද වාර්තා වේ.
බරපතල පිළිස්සුම් තුවාල සහිතව පුද්ගලයින් සිව් දෙනෙකු රෝහල් ගත කර ඇති අතර තවත් සිව් දෙනෙකු සුළු පිළිස්සුම් තුවාල සහ අධික දුමාරයෙන් ඇති වූ ශ්වසන අපහසුතා හේතුවෙන් රෝහල් ගත කර තිබේ.
කෙසේවෙතත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ ලැව්ගිනි හේතුවෙන් දහස් ගණනකට තම නිවෙස් හැර යාමට සිදුව ඇති බවය.

