දළදා මැදුරට පහර දී අවුරුදු 35යි
08 February 2024
දළදා මැදුරට පහර දී අවුරුදු 35යි
08 February 2024
සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳු වූ සෙංකඩගල පුරවරයේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට එල්ල වූ කුරිරු ප්‍රහාරයට අදට වසර 35ක් සපිරේ.
1989 පෙබරවාරි මස 8 වැනිදා සවස් වරුවේ ඇලහැර ප්‍රදේශයේ සිට සුදු පැහැති වෑන් රථයකින් නඩයක් ශ්‍රී දළදා මාලිගාවට පැමිණියේ දානයක් ලබාදෙන කණ්ඩායමක් ලෙසිනි.
ඔවුන් මෙලෙස දානයක් දීමට දීන වෙන් කර ගෙන තිබුනේ 1989 පෙබරවාරි මස 8 වැනිදාට මාස 3කට පෙර ය.
එකල තේවාව බාරව සිටි අස්ගිරි මහා විහාරයේ ලේකම් පනීපාන සිරිනිවාස ස්වාමින්වහන්සේය.
එදින සවස් වරුවේ උන්වහන්සේට දැහැත් පූජා කර, ගිලන්පසට අවශ්‍ය බඩු බාහිරා දිය ද මුලුතැන්ගෙට ලබාදීමට වන්දනා නඩය කටයුතු කර තිබුණි.
ශ්‍රී දළදා මාලිගාවේ සන්ධ්‍යාෙව් තේවාව සෑම දිනකම ආරම්භ වන්නේ සවස 6.30ට ය.
තේවාව ආරම්භවීමට පෙර සවස 6.15ට හේවිසි වාදනය ආරම්භය කිරීම සිදුකෙරේ.
වන්දනා නඩයක් ලෙසින් පැමිණ මෙම කණ්ඩායම හේවිස වාදනය කිරීම ආරම්භ කිරීමත් සමග උඩමළුවේ දොර පියන් විවෘත කළේය යැයි සිතා ශ්‍රී දළදා මාලිගාවට ආරක්ෂාව සපයන පොලිස් මුරපොළට පහරදීමට ආරම්භ කළේය.
එකල ශ්‍රී දළදා මාලිගාවේ පොලිස් මුරපොල පිහිටියේ පත්තිරුප්පු යට කොටසේය.
එහි ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළේ සනත් කුඹුර නමැති නිලධාරියෙකි.
එම අවස්ථාව වන විට විශාල බැතිමතුන් පිරිසක් ද තේවාවට සහභාගි වී සිටියහ.
මෙම කණ්ඩයාම අනතුරුව අනගාරික ධර්මපාලතුමන්ගේ පිළිවුරුව අසළ තබා තිබූ පොලිස් මුරපොලේ ගිනිඅවි රාක්කය පිහිටි ස්ථානයේ ආරක්ෂාවට සිටි නිලධාරීන්ට ද තියුණු ආයුධ වලින් පහර දී වෙඩි තබා තිබුණි.
ගිනිඅවි වලින් හේවිසි මණ්ඩප්පයට ද වෙඩි ප්‍රහාර එල්ල කර තිබූ අතර, එම වෙඩි ප්‍රහාරවලින් ගල් කණුවකට එල්ල වූ වෙඩි උණ්ඩයක සළකුණු අදටත් එම ස්ථානයේ දක්නට ලැබේ.
ඉන්පසුව මුළුතැන්ගෙයි පිහිටි හමුදා මුරකුටියට ද ප්‍රහාරයක් එල්ල කර එහි නිලධාරීන් සිව්දෙනෙකුට පමණ තියුණු ආයුධ වලින් පහරදී තිබුණි.
මෙම මිලේච්ඡ කණ්ඩායම එල්ල කළ වෙඩි ප්‍රහාාරයකින් ශ්‍රී දළදා මාලිගාව ආසන්නයේ වූ දළදා වීදියේ ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක සිටි සිවිල් වැසියෙකුට ද වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබුණි.
එම ප්‍රහාාරයෙන් තුවාල ලැබුවේ එ් වන විට මහනුවර නගර සභාවේ සේවකයෙකි.
වෙඩි වැදීමෙන් ඔහුට එක් පාදයක් ද අහිමි විය.
මෙම ප්‍රහාරයෙන් ශ්‍රී දළදා මාලිගයේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්, හමුදා සෙබළුන් කිහිපදෙනෙකු ද බරපතල තුවාල ලැබුවේය.
මොවුන්ගේ අරමුණ වූයේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව දන්ත ධාතුන් වහන්සේට පළදවාා තිබූ රන් ආභරණ පැහැරගෙන, ආරක්ෂක අංශවල ගිනිඅවි පැහැර ගැනීම බවට තොරතුරු වාර්තා වේ.
මෙකී ප්‍රහාරය ජනතා විමුක්ති පෙරමුණ විසින් එල්ල කළ ප්‍රහාරයක් බවට චෝදනා එල්ල වන අතර, මීට අවුරුදු කිහිපයකට පසු එල්.ටී.ටී.ඊ. ත්‍රස්ථවාදීන් විසින් ද ශ්‍රී දළදා මාලිගාවට මෙවැනිම මිලේච්ඡ ප්‍රහාරයක් එල්ල කරන ලදී.