brand logo
logo
අමෙරිකාවේ භූ කම්පනයක්

අමෙරිකාවේ භූ කම්පනයක්

15 April 2025



අමෙරිකාවේ සැන් ඩියාගෝ කලාපයට රික්ටර් මාපකයේ ඒකක 5.2ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් බලපා තිබේ.


අමෙරිකානු බලධාරීන් පවසන්නේ, එහි අපිකේන්ද්‍රය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 13.4ක ගැඹුරින් සටහන්වී ඇති බවය.


එහි ප්‍රබලත්වය කැලිෆෝනියාවේ ඔරේන්ජ් සහ ලොස් ඇන්ජලීස් කලාප වෙතත් දැනී ඇත.


භූ කම්පනයේ බලපෑමත් සමඟ සැන් ඩියාගෝ හි සෆාරි උද්‍යානයේ වෙසෙන අලි රංචුවක් ද කලබලයට පත්වී තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



 

More News..