brand logo
logo
හෙරොයින් ජාවාරම් කළ කාන්තාවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

හෙරොයින් ජාවාරම් කළ කාන්තාවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

02 October 2026


හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනාවලට වරදකාරිය කෙරුණු කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.


දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.


2022 වසරේ අගෝස්තු මස 13 වනදා වැල්ලම්පිටිය ප්‍රදේශයේදී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 4.95ක් සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් විත්තිකාරියට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණි.


කොළඹ මහාධිකරණ විනිසුරුවරිය තීන්දු ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ මෙම විත්තිකාරියට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති බවය.


ඒ අනුව විත්තිකාරියට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කරන බව නියෝග කෙරිණි.

 

More News..