දරුවන් 36ක් අපයෝජනය කළ බව කියන ව්‍යාපාරිකයාට වැඩ වරදියි
02 February 2026 | බිමල් ජයසිංහ - බණ්ඩාරගම
දරුවන් 36ක් අපයෝජනය කළ බව කියන ව්‍යාපාරිකයාට වැඩ වරදියි
02 February 2026 | බිමල් ජයසිංහ - බණ්ඩාරගම
වයස අවුරුදු 18 අඩු බවට සැක කළ හැකි දරුවන් 36 දෙනකුට ලිංගික අපයෝජන කළ බව කියන ව්‍යාපාරිකයකු පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර පේරාදෙණිය පාරේ පදිංචි පුද්ගලයෙකි.
මහනුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව පොලිස් ළමා හා කාන්තා කාර්යංශය විසින් සිදු කළ විමර්ශනයට අනුව මෙම සැකකරු සමගින් ඔහු සතු ඩිජිටල් උපකරණ ද පොලිස් භාරයට ගෙන තිබූ අතර එහිදී සැකකරු විසින් වයස අවුරුදු 18 අඩු ළමුන් 36 දෙනකුට මෙලෙස ලිංගික අපයෝජන සිදු කර ඇති බවට අනාවරණය වී ඇත.
මෙම සැකකරු තවත් පුද්ගලයන් කීපදෙනකු සමග එක්ව ලිංගික ක්‍රියාකාරකම් වීඩියෝ දර්ශනය කර ඇති බව ද අනාවරණය වී ඇති අතර අතවරයට පත් දරුවන් හඳුනා ගෙන ඉදිරි විමර්ශන සිදුකිරීම සඳහා සැකකරුට එරෙහිව පැය 72 කාලයකට රැඳවුම් නියෝග ලබා ගන්නා බවත් පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් එම සැකකරු මේ වන විට කොටහේන පොලිසියේ සිර මැදිරියේ රඳවා ඇති අතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිනී දර්ශිකා කුමාරි, එහි අධ්‍යක්ෂිකා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීන් ඉමේෂා මුතුමාල යන නිලධාරිනියන්ගේ උපදෙස් මත ඉදිරි විමර්ශන කටයුතු සිදු කෙරේ.

