brand logo
logo
 අමෙරිකා - ඉරාන යුද්ධය නැවැත්වීමට මූලික එකඟතාවක්

අමෙරිකා - ඉරාන යුද්ධය නැවැත්වීමට මූලික එකඟතාවක්

02 August 2026


මාස 5ක් පුරා පැවති අමෙරිකානු - ඉරාන යුද්ධය නතර කිරීම සඳහා මූලික එකඟතාවකට පැමිණ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 


එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ හේතුවෙන් ඉරානයට එල්ල කිරීමට සිටි නව ප්‍රහාර තාවකාලිකව නතර කිරීමට පියවර ගත් බවය. 


සිය 'Truth Social' සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ට්‍රම්ප් සඳහන් කළේ පෙබරවාරි 28 වැනිදා යුද්ධය ආරම්භ වූ දා සිට ඉරානය විසින් වසා දමා තිබූ හොර්මුස් සමුද්‍ර සන්ධිය වහාම සම්පූර්ණයෙන්ම විවෘත කිරීම මෙම ගිවිසුමේ ප්‍රධාන කොන්දේසියක් වන බවය.


"දෙවන ලෝක යුද්ධයෙන් පසු මෙතෙක් නොදුටු තරම් ප්‍රබල හමුදා බලයකින් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට ඇමෙරිකාව සන්නද්ධව සූදානමින් සිටියේය. නමුත් ගිවිසුමකට මූලික එකඟතාවන් ඇති වී තිබෙන බැවින්, ප්‍රහාර නතර කරන ලෙස ඉරානය සහ මැදපෙරදිග රටවල් අපෙන් ඉල්ලා සිටියේය. මෙම ගිවිසුමට හොර්මුස් සමුද්‍ර සන්ධිය වහාම විවෘත කිරීම සහ ඉරානයේ න්‍යෂ්ටික තර්ජනය අවසන් කිරීම ඇතුළත් වේ. ලෝකයේ යහපත වෙනුවෙන් සහ ඉරානයේ පැවැත්ම වෙනුවෙන් මම එම ප්‍රහාරය අවලංගු කිරීමට එකඟ වූයෙමි." ලෙස එහි වැඩිදුරටත් සඳහන්.

 

More News..