brand logo
logo
එළඹෙන අයවැයෙන් ජනතාවට බදු සහන- ජනපති කියයි

එළඹෙන අයවැයෙන් ජනතාවට බදු සහන- ජනපති කියයි

20 September 2026

එළැඹෙන අයවැය මගින් දැනට පවතින ඇතැම් බදුවල බර අඩු කරමින් ජනතාවට බදු සහන ලබා දීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.


අකුරැස්සේ පැවැති ජනහමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන්ය කළේ .

එමෙන්ම ඉදිරි අයවැයෙන් ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් රුපියල් බිලියන 2,000ක මුදලක් වෙන් කිරීමට කටයුතු යොදා ඇති බව ද හෙතෙම අනාවරණය කළේය. 


මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ වසරක් තුළ ප්‍රාග්ධන වියදම් වෙනුවෙන් වෙන් කරනු ලබන ඉහළම මුදල බවත් පැවසීය.

මෙලෙස වෙන් කෙරෙන මුදල් යොදවා ගනිමින් මාර්ග, පාලම්, විදුලිය ඇතුළු රටට අත්‍යවශ්‍ය සියලු යටිතල පහසුකම් විධිමත්ව ගොඩනැගීමට ඉදිරි වසරේදී කටයුතු කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

"සමහර බදුවල බරක් තියෙනවා. එළැඹෙන අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් නිදහස් කරන්න අපේක්ෂා කරනවා.

එමෙන්ම එම අයවැයෙන් ප්‍රාග්ධන වියදම්වලට ලබන වසරේ රුපියල් බිලියන 2,000ක් වෙන්කර තිබෙනවා.

පාරවල්, පාලම්, විදුලිය යටිතල පහසුකම්, ඔක්කොම හදන්න. ලංකා ඉතිහාසයේ වැඩිම ප්‍රාග්ධන වියදම් සිදුකරන අවුරුද්ද බවට ලබන අවුරුද්ද පත්වෙනවා" යැයි පැවසීය.

 

More News..