සිසුන්ගේ ඩිජිටල් සුබසාධනය වෙනුවෙන් මාර්ගෝපදේශ මාලාවක්
10 October 2026
සිසුන්ගේ ඩිජිටල් සුබසාධනය වෙනුවෙන් මාර්ගෝපදේශ මාලාවක්
10 October 2026
සිසුන්ගේ අන්තර්ජාල ආරක්ෂාව සහ ඩිජිටල් සුබසාධනය වෙනුවෙන් වයස් කාණ්ඩ 5 ක් යටතේ මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශයේ ස්වේච්ඡා උපදේශක සභාව හමුවේ අනාවරණ විය.
ඊට අදාළ නියමු ව්‍යාපෘතිය ලබන නොවැම්බර් මාසයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
අග්‍රාමාත්‍ය හරිනි අමරසුරියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ ස්වේච්ඡා උපදේශක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.
එහිදී අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අදාළ යෝජනා සහ ප්‍රතිපත්ති රැසකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි.
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මගින් සකස් කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සංකල්ප පත්‍රිකාවට, ජාතික අධ්‍යාපන ආයතනය මගින් ඉදිරිපත් කළ සංශෝධිත ජාතික විෂයමාලා රාමුව සහ 11 ශ්‍රේණි දක්වා වන ශිෂ්‍ය ඇගයීම් රාමුව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
අග්‍රාමාත්‍යවරිය පැවසුවේ, රාජ්‍ය සහ රාජ්‍ය නොවන දෙඅංශයේම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා උප කමිටුවක් ක්‍රියාත්මක බවයි.
සාකච්ඡාවට එක්වෙමින් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පැවසුවේ, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉංජිනේරු, වෛද්‍ය සහ කෘෂිකර්ම ක්ෂේත්‍ර සදහා වන ප්‍රතිපත්ති සකස් කිරීමට විශේෂ කමිටු පත් කර ඇති බවයි.

