ලොකු ලූණු අස්වැන්නෙන් සියයට 50ක් මෙරටදීම නිෂ්පාදනයට සැලසුම්
16 August 2026
ලොකු ලූණු අස්වැන්නෙන් සියයට 50ක් මෙරටදීම නිෂ්පාදනයට සැලසුම්
16 August 2026
මෙරට ලොකු ලූණු අවශ්‍යතාවයෙන් සියයට 50ක ප්‍රමාණයක් රටතුළ නිෂ්පාදනය කර ගැනීම සඳහා වන සැලසුම් මේ වන විට ක්‍රියාත්මක බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ එළැඹෙන යල කන්නයේ අස්වැන්නෙන් මෙරට වාර්ෂික අවශ්‍යතාවයෙන් සියයට 50ක ප්‍රමාණයක් සපුරා ගැනීම ප්‍රධාන අරමුණ බවය.
මෙරට වාර්ෂික ලොකු ලූණු පරිභෝජනය මෙට්‍රික් ටොන් 320,000ක් පමණ වේ.
ඉතිහාසයේ ඉහළම ලොකු ලූණු නිෂ්පාදනයක් සිදුකර ඇත්තේ 2014 වසරේ වන අතර එම වසරේ දී හෙක්ටයාර් 6,000කින් ලබාගෙන ඇති ලොකු ලූණු ප්‍රමාණය මෙට්‍රික් ටොන් ලක්ෂයකි.
කෙසේ වෙතත් නිෂ්පාදන වියදම ඉහළ යාම මෙන්ම අඩුමිලට ආනයනික ලොකු ලූණු මෙරට වෙළඳපොළේ විකිණීම වැනි කරුණු ගොවීන් ලොකු ලූණු වගාවෙන් ඉවත් වීමට හේතු වී ඇත.
ඒ අනුව යලිත් ගොවියා ලොකු ලූණු වගාව කෙරෙහි යොමුකරවීමේ අරමුණින් විශේෂ වැඩසටහනක් ආරම්භ කර ඇති අතර නව තාක්ෂණය භාවිතයෙන් ලූණු වගාව සිදුකිරීම මෙහි ප්‍රධාන අරමුණක් වී ඇති බවද සදහන් වේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති සහ පුහුණු අධ්‍යක්ෂ පී. සිසිර කුමාර මහතා පැවසුවේ නව තාක්ෂණික ක්‍රම භාවිත කරමින් අක්කරයකට ලබා ගත හැකි ලොකු ලූණු අස්වැන්න ඉහළ දැමීම මෙන්ම අඩු නිෂ්පාදන වියදමකින් වගාව සිදු කිරීම සඳහා ගොවීන් දැනුවත් කිරීමට මේ අනුව පියවර ගන්නා බවය.
ඒ අනුව යල කන්නයේ අස්වැන්නෙන් අපේක්ෂිත අරමුණු කරා ගමන් කළ හැකි බවද ඒ මහතා අදහස් දක්වමින් සඳහන් කළේය.

