brand logo
logo
 ලක්ෂ 12ක ඉදිකිරීම් උපාංග තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

ලක්ෂ 12ක ඉදිකිරීම් උපාංග තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

23 August 2026


කඹුරුගොඩ තේක්කවත්ත ප්‍රදේශයේ ඉදිකරමින් පවතින දෙමහල් නිවසකට සවිකිරීම සඳහා රැගෙන විත් තිබූ රුපියල් ලක්ෂ 12ක් පමණ වටිනා ඉදිකිරීම් උපාංග තොගයක් සොරාගත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.


සොරාගෙන තිබූ ඉදිකිරීම් උපාංග අතර ජනෙල් දොරවල් රාමු, නාන කාමර උපාංග කට්ටල සහ අත්වැටවල් ඇතුළත් වන බව පොලීසිය පවසයි.


සැකකරුවන් නිවස තුළට ඇතුළු වී එම දේපළ සොරාගෙන සිය නිවෙස්වලට රැගෙන ගොස් අඩු මුදලට එම භාණ්ඩවලින් කොටසක් විකුණා තිබියදී සොයාගෙන ඇත.


සැකකරුවන් එම ප්‍රදේශයේම වන අතර ඔවුන් පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


සිද්ධිය සම්බන්ධයෙන් බන්ඩාරගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

 

More News..