මහජන පෙත්සම් කාරක සභාවට පැමිණිලි 999ක්
02 August 2026 | නිර්මාණි තිලකසිරි
මහජන පෙත්සම් කාරක සභාවට පැමිණිලි 999ක්
02 August 2026 | නිර්මාණි තිලකසිරි
වසරේ ජනවාරි මස සිට මේ දක්වා කාලයේදී මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව වෙත මහජන පැමිණිලි නවසිය අනූ නවයක් වාර්තා වී ඇති බව එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්.එම්. ගාමිණී රත්නායක පැවසීය.
අදාළ කාල සීමාවේදී පාර්ලිමේන්තුව රැස්ද්‍වූ දින එකසිය හතළිස් අටක් අතරින් දින හැට තුනක් රැස්ව ඇති මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව පෙත්සම් නවසිය අනූ නවයෙන් පෙත්සම් හත්සිය අසූ තුනක වාර්තා සම්පූර්ණ කර ඇත.
ඒ අතරින් පෙත්සම් තුන්සිය අනූ දෙකක් විභාගයට ගෙන නිර්දේශ ලබාදී තිබේ.
ඒ අනුව මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාවට 2025 සැප්තැම්බර් මස 01 වැනි දින සිට 2025 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා විභාග කරන ලද මහජන පෙත්සම්වලට අදාළව කාරක සභාව විසින් ලබාදෙන ලද නිර්දේශයන් සහ කාරක සභා විමර්ශනවලදී නිරීක්ෂණය වූ විශේෂ කරුණු ඇතුළත් කර පසුගියදා කථානායකවරයා වෙත ලබාදී ඇත.
මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව විසින් එම කාල සීමාවේ පෙත්සම් විභාග කිරීම සඳහා රැස්වීම් වාර 15ක් පවත්වා පෙත්සම් 89ක් විභාග කර ඇත.
ඒ අතුරෙන් නිර්දේශ ලබාදී ඇති පෙත්සම් සංඛ්‍යාව 43ක්ද, සහන නිර්දේශ නොකරන ලද පෙත්සම් සංඛ්‍යාව 33ක්ද, නිර්දේශ ලබාදීම කල් තබන ලද පෙත්සම් සංඛ්‍යාව 13ක්ද වේ.

