brand logo
logo
අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි

අණ නොතකා ධාවනය කළ ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි

31 October 2026


කඩවත මහකඩේ හන්දියේදී පොලිසිය විසින් සිදු කළ වෙඩිතැබීමකින් බාලවයස්කරුවෙකු තුවාල ලබා තිබේ.


අද (31) පස්වරුවේ මහකඩේ හන්දිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරින් පිරිසක් රථ වාහන රාජකාරිවල නිරතව සිට ඇති අතර එහිදී එම ස්ථානයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයකට නවත්වන ලෙසට අණ කර ඇත.


කෙසේ වෙතත් පොලිස් අණ නොතකා අදාළ ත්‍රීරෝද රථය ධාවනය කර තිබේ.


එහිදී පොලිසිය විසින් වෙඩි තැබීමක් සිදු කර ඇති බව වාර්තා වෙයි.


වෙඩි තැබීමෙන් ත්‍රීරෝද රථයේ සිටි බාලවයස්කරුවෙකු තුවාල ලබා ඇති බව සඳහන් වේ. ඔහුගේ පිටුපස ප්‍රදේශයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ලවී ඇති අතර බරපතළ තත්ත්වයේ පසු වූ අදාළ බාලවයස්කරු ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර තිබේ.


මෙලෙස තුවාල ලබා ඇත්තේ 16 හැවිරිදි බාලවයස්කරුවෙකු බව පොලිසිය පැවසීය.


මේ සම්බන්ධයෙන් කඩවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි. 

 

More News..