ජපානයේ චිබා ප්‍රාන්තයට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවෙන් 4ක් මරුට
14 August 2026
ජපානයේ චිබා ප්‍රාන්තයට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවෙන් 4ක් මරුට
14 August 2026
ජපානයේ චිබා (Chiba) ප්‍රාන්තයට ඇදහැළුණු වාර්තාගත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ටෝකියෝවේ නරීටා (Narita) ගුවන් තොටුපළේ දහස් ගණනක් මගීන් රාත්‍රිය පුරා අතරමං වී සිටි බවයි.
ටෝකියෝ අගනුවරට යාබදව පිහිටි මෙම ප්‍රාන්තයේ, බ්‍රහස්පතින්දා පස්වරුවේ සිට පැයකට මිලිමීටර් 100කට අධික වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව එරට බලධාරීන් පවසයි.
මෙය අගෝස්තු මාසයේ සාමාන්‍ය වර්ෂාපතනය මෙන් තුන් ගුණයක පමණ ප්‍රමාණයක් වන අතර, එරට ඉතිහාසයේ වාර්තා වූ ඉහළම වර්ෂාපතන ප්‍රමාණය ද වේ.
මෙම අධික වර්ෂාපතනය හේතුවෙන් දුම්රිය, බස් සහ කුලී රථ සේවා ඇනහිටි අතර, චිබා හි නිවාස 20,000කට අධික සංඛ්‍යාවක විදුලි සැපයුම ද ඇණහිටියේය.

