brand logo
logo
ඩුබායිවලදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ ‍‘කොණ්ඩ රංජි’ අද දිවයිනට

ඩුබායිවලදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කළ ‍‘කොණ්ඩ රංජි’ අද දිවයිනට

09 September 2026

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ අපරාධ කල්ලි සාමාජිකයෙකු වන රංජිත් කුමාර හෙවත් ‘කොණ්ඩ රංජි’ අද (09) උදෑසන 8.00ට දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වෙයි.


‘කොණ්ඩ රංජි’ ඉතාලියට පලායාමට උත්සාහ කිරීමේදී පසුගිය ජනවාරි 09 වැනිදා ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන තිබුණි.

එරට ආරක්ෂක අංශ විසින් ඔහු සමඟ ඔහුගේ බිරිඳ සහ දරුවන් ද අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව බිරිඳ සහ දරුවන් මුදාහැර තිබුණි.


හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ ඝාතනය සම්බන්ධයෙන් ද ‘කොණ්ඩ රංජි’ පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු බව සඳහන් වේ.

 

More News..