කොලොම්බියා භූකම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන 224 දක්වා ඉහළට
11 August 2026
කොලොම්බියා භූකම්පනයෙන් මියගිය පුද්ගලයින් ගණන 224 දක්වා ඉහළට
11 August 2026
කොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 224 දක්වා ඉහළ ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, කඩා වැටුණු ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් සොයා සහන කණ්ඩායම් තවදුරටත් මෙහෙයුම් සිදුකරන බවයි.
රික්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය සඳුදා අලුයම කොලොම්බියාවේ ප්‍රධාන කෝපි නිෂ්පාදන ප්‍රදේශයට බලපා තිබේ.
භූකම්පනය හේතුවෙන් පෙරේරා සහ කැලි ඇතුළු නගරවල බහු මහල් ගොඩනැගිලි රැසක් කඩා වැටී ඇති අතර, මනිසාලෙස් නගරයේ ආසන දෙව්මැදුරක කොතක කොටසක්ද කඩා වැටී තිබේ.
පොලිසිය, හමුදාව සහ ස්වේච්ඡා සේවකයින්ගේ සහාය ඇතිව සහන කණ්ඩායම් රාත්‍රිය පුරාම කැණීම් යන්ත්‍ර සහ ඇතැම් අවස්ථාවල සිය දෑත් පවා භාවිත කරමින් සුන්බුන් අතර සිරවූවන් සෙවීමේ මෙහෙයුම් සිදුකර තිබේ.
කැලි නගරයේ පමණක් පුද්ගලයින් 95 දෙනෙකු මියගොස් ඇති අතර, ගොඩනැගිලි රැසක් සම්පූර්ණයෙන් විනාශ වී හෝ අවදානම් සහිත ලෙස ඇලවී ඇති බව වාර්තා වේ.
එහි රෝහලක ඉහළ මහල් කිහිපයක් කඩා වැටීම හේතුවෙන් රෝගීන් පිරිසක් සුන්බුන් අතර සිරවී ඇති අතර, තවත් රෝගීන් 600කට ආසන්න පිරිසකට රෝහලෙන් පිටතදී ප්‍රතිකාර ලබාදීමට සිදුව තිබේ.
භූකම්පනයෙන් දැඩි බලපෑමට ලක්වූ රිසරල්ඩා ප්‍රදේශයේ අගනුවර වන පෙරේරා නගරයෙන් මරණ 72ක් වාර්තා වී ඇති අතර, කැලි නගරයද ඇතුළත් වාලේ ඩෙල් කවුකා ප්‍රදේශයෙන් මරණ 38ක් වාර්තා වී තිබේ.
භූකම්පනයේ කේන්ද්‍රස්ථානයට ආසන්න ග්‍රාමීය ප්‍රදේශයක් වන චොකෝ ප්‍රදේශයෙන් තවත් මරණ 13ක් වාර්තා වී ඇත.
මේ අතර, කැලි නගරයේ සිදුවූ බව කියන කොල්ලකෑම් වාර්තා හේතුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයින් 1,000ක් එම නගරයට යෙදවීමට ජනාධිපති අබෙලාර්ඩෝ ඩි ලා එස්ප්‍රියේල්ලා නියෝග කර තිබේ.
කැලි සහ පෙරේරා නගරවල සඳුදා රාත්‍රියේ ඇඳිරි නීතියද ක්‍රියාත්මක කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

