දෛනික විදුලිය ඉල්ලුමෙහි අඩුවක්
06 September 2026
දෛනික විදුලිය ඉල්ලුමෙහි අඩුවක්
06 September 2026
අගෝස්තු මස 31 වැනිදා සිට සැප්තැම්බර් මස 03 වැනිදා දක්වා වන කාලය තුළ දෛනික විදුලිය ඉල්ලුම අඩුවී ඇති බව මහබැංකුව පවසයි.
නවතම වාර්තාවක් නිකුත් කරමින් ඔවුන් මේ බව සඳහන් කළේය.
ඒ අනුව අගෝස්තු මස 31 වැනිදා විදුලිය ඉල්ලුම මෙගාවොට් 2,947ක් ලෙස පැවති අතර එය සැප්තැම්බර් මස පළමුවැනිදා මෙගාවොට් 2,936ක් ලෙසට සටහන්වී තිබේ.
එම මස දෙවැනිදා එම අගය සටහන් වූයේ මෙගවොට් 2,934ක් ලෙසටය.
සැප්තැම්බර් මස 03 වැනිදා දෛනික විදුලිය ඉල්ලුම මෙගාවොට් 2,920ක් ලෙස සටහන්ව ඇති බව මහබංකු වාර්තාවේ දැක්වේ.
එමෙන්ම දෛනික විදුලිය උත්පාදනය ක්‍රමයෙන් ඉහළ ගොස් ඇති අතර අගෝස්තු මස 31 වැනිදා ගිගාවොට් පැය 57.24ක විදුලිය නිපදවා ඇත.
එය සැප්තැම්බර් මස පළමුවැනි ගිගාවොට් පැය 58.37ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේවෙතත් එම මස දෙක සහ තුන යන දිනවල පිළිවෙලින් ගිගාවොට් පැය 58.34 සහ 58.08ක් ලෙසින් විදුලිය උත්පාදනය කර ඇති බව මහබැංකු වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.

