නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්
22 September 2026
නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත්
22 September 2026
නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එම සංවිධානය සඳහන් කර ඇත්තේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අනතුරු අඟවා තිබූ රතු නිවේදන තවදුරටත් ක්‍රියාත්මක බවය.
ඒ අනුව අද (22) පස්වරු 4 සිට හෙට පස්වරු 4 දක්වා මෙම අනතුරු ඇඟවීම් තවදුරටත් ක්‍රියාත්මක බවද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.
අනතුරු ඇඟවීමේ මට්ටම 3- ඉවත් වන්න
මහනුවර දිස්ත්‍රික්කය - පස්බාගේ කෝරලේ
නුවරඑළිය දිස්ත්‍රික්කය- අඹගමුව, නෝර්වුඩ්, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර
අනතුරු ඇඟවීමේ මට්ටම 2- අවදානයෙන් සිටින්න
කොළඹ දිස්ත්‍රික්කය- පාදුක්ක
ගාල්ල දිස්ත්‍රික්කය - තවලම, නාගොඩ, නෙළුව
කළුතර දිස්ත්‍රික්කය - වලලාවිට
මහනුවර දිස්ත්‍රික්කය - උඩපලාත, ගඟ ඉහල කෝරලේ
කෑගල්ල දිස්ත්‍රික්කය - දැරණියගල, යටියන්තොට, මාවනැල්ල, දෙහිඕවිට, අරණායක
නුවරඑළිය දිස්ත්‍රික්කය - තලවකැලේ
රත්නපුර දිස්ත්‍රික්කය -රත්නපුර
අනතුරු ඇඟවීමේ මට්ටම 1- විමසිලිමත් වන්න
කොළඹ දිස්ත්‍රික්කය - සීතාවක
ගාල්ල දිස්ත්‍රික්කය - නියාගම, බද්දේගම
කෑගල්ල දිස්ත්‍රික්කය- වරකාපොළ, කෑගල්ල, ගලිගමුව, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල
ගම්පහ දිස්ත්‍රික්කය - මීරිගම, අත්තනගල්ල
මහනුවර දිස්ත්‍රික්කය- පාතදුම්බර, යටිනුවර, දොළුව, උඩුනුවර
කුරුණෑගල දිස්ත්‍රික්කය- අලව්ව, මාවතගම, පොල්ගහවෙල, මල්ලවපිටිය
මාතර දිස්ත්‍රික්කය- කොටපොල, අකුරැස්ස, අතුරලිය, පිටබැද්දර
රත්නපුර දිස්ත්‍රික්කය- කලවාන, ඇලපාත, අයගම, පැල්මඩුල්ල, නිවිතිගල, කුරුවිට
කළුතර දිස්ත්‍රික්කය - අගලවත්ත, පාලින්දනුවර, බුලත්සිංහල, ඉංගිරිය

