බන්ධනාගාර ගැටුමට හේතුව අධික තදබදය බවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙන් චෝදනා
02 August 2026
බන්ධනාගාර ගැටුමට හේතුව අධික තදබදය බවට සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවෙන් චෝදනා
02 August 2026
මහර බන්ධනාගරයේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයට හේතුව එහි ඇති අධික තදබදය බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව පවසයි.
එහි සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා අවධාරණය කළේ, බන්ධනාගාර නිලධාරීන් විසින් එහි සැබෑ තත්ත්වය වසන් කිරීමට උත්සහ කරමින් සිටින බවය.
මෙම බන්ධනාගාරයේ රඳවා තැබිය හැකි සැකකරුවන් සංඛ්‍යාව 991ක් වූවත් මේ වනවිට 4,447 දෙනෙකු එහි සිටින බව ද ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම මෙම රැඳවියන්ට අවශ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොවන බව ද සේනක පෙරේරා මහතා සඳහන් කළේය.
මහර බන්ධනාගාරය තුළ ගැටුම්කාරී තත්ත්වයක් ඊයේ (01) පස්වරු 01.00ට පමණ ඇති වූ බවත් එය පාලනය නොකර බන්ධනාගාර නිලධාරින් එම පරිශ්‍රයෙන් ඉවත්ව රැඳවියන් අතර ගැටුමක් වර්ධනයවීමට ඉඩ හැර ඇති බවත් ඒ මහතා අනාවරණ කළේය.

