ඇෆ්ගනිස්තානයේ නව ළමා විවාහ නීතියක්
17 May 2026
ඇෆ්ගනිස්තානයේ නව ළමා විවාහ නීතියක්
17 May 2026
ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය විසින් ළමා විවාහ, දික්කසාද සහ පවුල් සබඳතා පිළිබඳව නව නීතියක් හඳුන්වා දී ඇති බව විදෙස් වාර්තාහි සඳහන් වෙයි.
වැඩිවියට පත් වූ කන්‍යා දැරියකගේන් විවාහය ගැන අසන විට නිහඬව සිටියහොත්, එය ඇගේ "කැමැත්ත" ලෙස සලකා විවාහය සිදු කිරීමට මෙම නීතියෙන් ඉඩ ලැබේ.
නමුත් පිරිමි ළමයෙකු හෝ කලින් විවාහ වූ කාන්තාවක නිහඬව සිටියහොත් එය කැමැත්තක් ලෙස පිළි නොගැනේ.
පියෙකුට හෝ සීයා කෙනෙකුට තම පවුලේ බාලවයස්කාර දරුවන්ව එනම් ළමා විවාහයන් කර දීමට විශාල බලයක් මෙමඟින් පැවරේ.
ළමා කාලයේදී සිදුකළ විවාහයක්, ඔවුන් ලොකු මහත් වූ පසු අවලංගු කිරීමට ඉල්ලා සිටිය හැකි වුවත්, ඒ සඳහා තලේබාන් උසාවියක අනුමැතිය අනිවාර්යයෙන්ම අවශ්‍ය වේ.
මේ අතර, දේශපාලන විචාරකයන් පවසන්නේ ළමයෙකුට විවාහයකට නිසි කැමැත්තක් දිය නොහැකි බවත්, නිහඬතාවය කැමැත්තක් ලෙස සැලකීමෙන් දැරියන්ගේ අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම නැති වන බවත්ය.

