brand logo
logo
අධික දුම් පිටකරන වාහන හඳුනාගැනීමට විශේෂ ඡායාරූප ඒකකයක්

අධික දුම් පිටකරන වාහන හඳුනාගැනීමට විශේෂ ඡායාරූප ඒකකයක්

10 October 2026


අධික ලෙස දුම් පිටකරමින් ධාවනය වන වාහන හඳුනා ගැනීම සඳහා විශේෂ ඡායාරූප ඒකකයක් ස්ථාපිත කිරීමට, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන වැඩසටහන පියවර ගෙන තිබේ.


එම ඒකකය මගින් මාර්ගයේ ධාවනය වන වාහන රහසිගතව නිරීක්ෂණය කර, ඒවායේ දුමාරය පදනම් කර ගනිමින් ක්ෂණිකව නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.


දිවයිනේ ප්‍රධාන නගර ආවරණය වන පරිදි නිලධාරීන්, මාර්ගයේ උපායශීලී ස්ථානවල රැඳී සිට අධික ලෙස දුම් පිටකරන වාහන ඡායාරූපගත කෙරෙනු ඇති.


එම ඡායාරූප සාක්ෂි පදනම් කරගනිමින් අදාළ වාහන හිමියන් වෙත එදිනම නඩත්තු නියෝග නිකුත් කිරීමට නියමිතයි.


එලෙස නියෝග ලබන වාහන හිමියන් තම වාහනය නිසි පරිදි අලුත්වැඩියා කර, නියමිත දිනට වේරහැර පිහිටි වාහන වායු විමෝචන මධ්‍යස්ථානය වෙත ඉදිරිපත් කළ යුතුයි.


යම් හෙයකින් එම නියෝගයට ප්‍රතිචාර නොදක්වන වාහන, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය තුළ අසාධු ලේඛනගත කිරීමට කටයුතු කෙරෙනු ඇති.


එවැනි වාහන සඳහා ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී හෝ වාහන පැවරුම් කිරීමේදී දැඩි බාධා එල්ල වනු ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන වැඩසටහන සඳහන් කළේ ය.

 

More News..