කාලගුණයෙන් රතු නිවේදනයක්
24 September 2026
කාලගුණයෙන් රතු නිවේදනයක්
24 September 2026
බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
උතුරු ආන්ද්‍ර ප්‍රදේශ වෙරළට ඔබ්බෙන් පැවති ගැඹුරු පීඩන අවපාතය, සෙමින් බටහිර - වයඹ දෙසට ගමන් කර ඊයේ (23) කාලිංග පටනම් (Kalingapatnam)හි නිරිතදිගට ආසන්නයෙන් වෙරළ තීරය හරහා ගොඩබිමට ඇතුළු වී ඇත.
අනතුරුව බටහිර - වයඹ දෙසට ගමන් කර, අද,(24) පෙ.ව. 05.30 වන විට උතුරු ආන්ද්‍ර ප්‍රදේශ වෙරළබඩ ප්‍රදේශය ආශ්‍රිතව, එනම් උතුරු අක්ෂාංශ 18.3° සහ නැගෙනහිර දේශාංශ 83.7° ආසන්නයේ (කන්කසන්තුරේ සිට කිලෝමීටර් 1,100ක් පමණ ඊසාන දෙසින්) කේන්ද්‍ර ගතව පවතී.
පහත සිතියමේ ''Warning" කාණ්ඩය යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශවල, ගිගුරුම් සහිත තද වැසි ඇතිවන අතර, සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 70 දක්වා වැඩි වීමත් සමග එම මුහුදු ප්‍රදේශ ඉතා රළු වේ.
පහත සිතියමේ " Advisory" කාණ්ඩය යටතේ ලකුණු කර ඇති මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 55-65ක් දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු හෝ ඉතා රළු වේ.
උතුරු අක්ෂාංශ 10°N ත් 22°N ත් සහ නැගෙනහිර දේශාංශ 82°E ත් 90°E ත් අතර මුහුදු ප්‍රදේශ වල, නැවත දැනුම් දෙන තුරු ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස දැනුම් දෙනු ලැබේ.
මේ වන විට එම ප්‍රදේශයේ ධීවර කටයුතුවල යෙදී සිටි නම් එම මුහුදු ප්‍රදේශ වලින් ඉවත්වන ලෙසත් එම දෙපාර්තමේන්තුව උපදෙස් දෙනු ලබයි.

