brand logo
logo
කමිඳුට උප නායකකම අහිමි කරමින් එංගලන්ත සංචාරයට සංචිත නම්වේ

කමිඳුට උප නායකකම අහිමි කරමින් එංගලන්ත සංචාරයට සංචිත නම්වේ

03 September 2026

ශ්‍රී ලංකා කණ්ඩායමේ එංගලන්ත සීමිත පන්දුවාර තරග සංචාරය සඳහා වන එක්දින සහ විස්සයි විස්ස සංචිත ඊයේ (2 වැනිදා) මාධ්‍ය වෙත නිකුත් කෙරුණු අතර මෙවර තරගාවලිය සඳහා මින් පෙර උප නායකත්වය හිමිව සිටි කමිඳු මෙන්ඩිස් වෙනුවට චරිත් අසලංක උප නායකත්වය සඳහා නම් කර තිබේ. එසේම වසර දෙකක් එක්දින කණ්ඩායමට නම් නොකෙරුනු හිටපු නායක දසුන් ශානක ද මෙවර එක්දින සංචිතයට නම්වී තිබීම විශේෂත්වයකි.


මෙවර තරගාවලිය විස්සයි විස්ස තරග 3ක් සහ එක්දින තරග 3කින් සමන්විත වන අතර, පළමු තරගය 15 වැනිදා සවුතැම්ප්ටන් හිදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව මෙම තරගාවලිය සඳහා 16 දෙනා බැගින් වන සංචිත නම් කොට ඇත. එහිදී පසුගිය ජූනි මස කොදෙව් සංචාරයේදී ක්‍රිකට් ආකෘති තුනටම එක් උප නායකයෙක් පත් කිරීමේ පදනම මත එම ආකෘති තුනම ක්‍රීඩා කරන කමිඳු මෙන්ඩිස් ඒ සඳහා පත් කෙරුණු නමුත් ඉන් මාස 3කින් පසු මෙවර එංගලන්ත සංචාරය සඳහා උපනායකත්වයේ වගකීම චරිත් අසලංක වෙත භාර වී තිබේ.


එක්දින සංචිතය


කුසල් මෙන්ඩිස් (නායක), පැතුම් නිස්සංක, කමිල් මිෂාර, චරිත් අසලංක, දසුන් ශානක, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, එශාන් මාලිංග, පවන් රත්නායක, සචිඳු කොළඹගේ, අසිත ප්‍රනාන්දු, දිල්ශාන් මධුශංක


විස්සයි විස්ස සංචිතය


කුසල් මෙන්ඩිස් (නායක), පැතුම් නිස්සංක, කමිල් මිෂාර, චරිත් අසලංක, දසුන් ශානක, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, දුෂ්මන්ත චමීර, එශාන් මාලිංග, ලහිරු උදාර, තරිඳු රත්නායක, නුවන් තුෂාර, බිනුර ප්‍රනාන්දු

 

More News..