අ.ඩො.මි 2.5ක සයිබර් වංචාව ගැන පාර්ලිමේන්තු විවාදය බදාදා
30 July 2026
අ.ඩො.මි 2.5ක සයිබර් වංචාව ගැන පාර්ලිමේන්තු විවාදය බදාදා
30 July 2026
ඔස්ට්‍රේලියාවට අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ණය ආපසු ගෙවීමට අදාළ සයිබර් අපරාධමය වංචාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳ විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල්තබන අවස්ථාවේ විවාදය අගෝස්තු 05 වැනිදා පාර්ලිමේන්තුවෛ්දී පැවැත්වීමට නියමිතය.
අදාළ විවාදය එදින පෙරවරු 11.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ.
පාර්ලලිමේන්තුව අගෝස්තු 04 සිට 07 දක්වා රැස්වීමට නියමිත අතර, එම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේදී තීරණය කර තිබේ.
පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළේ අගෝස්තු 05 වැනිදා හැර අනෙකුත් සෑම දිනකම පෙරවරු 9.30 සිට 10.00 දක්වා ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා කාලය වෙන් කර ඇති බවයි.
එමෙන්ම, පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහාත්, පෙරවරු 11.00 සිට 11.30 දක්වා ස්ථාවර නියෝග 27(2) යටතේ වන ප්‍රශ්න සඳහාත් කාලය වෙන් කර තිබේ.
අගෝස්තු 04 වැනිදා අඟහරුවාදා පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ පරිපූරක ඇස්තමේන්තුව සහ විගණකාධිපතිවරයාගේ වැටුප නිශ්චය කිරීම පිළිබඳ යෝජනා විවාදයට ගෙන අනතුරුව අනුමත කිරීමට නියමිතය.
අනතුරුව පස්වරු 5.00 සිට 5.30 දක්වා ආණ්ඩු පක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතව ඇත.
අගෝස්තු 05 වැනිදා බදාදා පෙරවරු 10.00 සිට 10.30 දක්වා කාලය අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙරවරු 10.30 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ.
අගෝස්තු 06 වැනිදා බ්‍රහස්පතින්දා පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල (සංශෝධන) සහ සත්ත්ව (සංශෝධන) යන පනත් කෙටුම්පත් දෙකෙහි දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතව තිබේ.
කෙසේ වෙතත්, අදාළ පනත් කෙටුම්පත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් නොවුවහොත් පමණක් එම විවාදය පැවැත්වෙනු ඇත.
එදින පස්වරු 5.00 සිට 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ.
අගෝස්තු 07 වැනිදා සිකුරාදා පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා පෞද්ගලික මන්ත්‍රී යෝජනා විවාදයට ගැනීමට නියමිත අතර, පස්වරු 5.00 සිට 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර ඇත.

