ව්‍යාජ වීඩියෝ ඇමතුම්වලින් ඩොලර් මිලියන 400ක කොල්ලයක්
13 November 2026
ව්‍යාජ වීඩියෝ ඇමතුම්වලින් ඩොලර් මිලියන 400ක කොල්ලයක්
13 November 2026
ව්‍යාජ වීඩියෝ ඇමතුම් භාවිත කරමින් පුද්ගල අනන්‍යතා සොරකම් කර ඇමරිකානු ඩොලර් මිලියන 400කට අධික ක්‍රිප්ටෝ මුදල් ප්‍රමාණයක් සොරකම් කිරීමට උතුරු කොරියාවට සම්බන්ධ හැකර් කණ්ඩායම් සමත්ව ඇති බව ඇමරිකානු බලධාරීන් අනාවරණය කර තිබේ.
පසුගිය මාස 18ක කාලය තුළ පුද්ගලයන් 900කට අධික පිරිසක් මෙම සයිබර් වංචාවට ගොදුරු වී ඇති බව ඇමරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) සඳහන් කරයි.
FBI ආයතනය විසින් 'FaceStealer' ලෙස නම් කර ඇති මෙම සයිබර් වංචා ක්‍රමය හරහා උතුරු කොරියානු රාජ්‍ය අනුග්‍රහය ලබන හැකර්වරුන් මෙම මුදල් සොරකම් කර ඇති බව වාර්තා වේ.
FBI සයිබර් ආරක්ෂණ අධ්යක්ෂ බ්‍රෙට් ලෙදර්මන් පෙන්වා දෙන්නේ උතුරු කොරියානු පාලනය සිය නීතිවිරෝධී අවි වැඩසටහන් සඳහා අරමුදල් සපයා ගැනීමට මහා පරිමාණ ක්‍රිප්ටෝ මුදල් සොරකම් මත යැපෙන බවයි.
විශේෂයෙන්ම ක්‍රිප්ටෝ මුදල් සහ Web3 ක්ෂේත්රවල සේවය කරන පුද්ගලයන් මෙම ප්‍රහාරවල ප්‍රධාන ඉලක්ක බවට පත්ව ඇති බව ඇමරිකානු බලධාරීන් පවසයි.
විවෘත මූලාශ්‍ර මෘදුකාංග සංවර්ධනය සහ නඩත්තු කටයුතුවල නිරත පුද්ගලයන් ද ඒ අතර ප්රමුඛ වේ. මෙම වංචාව සිදුකිරීම සඳහා හැකර්වරුන් ව්‍යාජ හෝ වෙනත් පුද්ගලයන්ගේ පාලනයට නතු කරගත් සමාජ මාධ්‍ය ගිණුම් භාවිත කරන බව අනාවරණය වී තිබේ.
ඒ හරහා ඉලක්ක කරගත් පුද්ගලයන්ට වීඩියෝ ඇමතුම් සඳහා ආරාධනා කරන අතර, ඒවා Zoom, Microsoft Teams සහ Google Meet යන ජනප්‍රිය වීඩියෝ සන්නිවේදන යෙදුම්වලට සමාන ලෙස සකස් කළ ව්‍යාජ වේදිකා ඔස්සේ පවත්වාගෙන යනු ලබයි.


