පාර්ලිමේන්තුවේ සයිබර් ආරක්ෂාව බරපතළ අවදානමක
30 August 2026 | අනීෂා මානගේ
පාර්ලිමේන්තුවේ සයිබර් ආරක්ෂාව බරපතළ අවදානමක
30 August 2026 | අනීෂා මානගේ
පාර්ලිමේන්තුවේ තොරතුරු හා සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් බරපතළ අවදානම් තත්ත්වයක් පවතින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය කළ ඇගයීමකදී අනාවරණය වී ඇත.
දෙදහස් විසිපහ වර්ෂයට අදාළ කාර්ය සාධන වාර්තාවේ විගණන වාර්තාවේ මේ බව සඳහන් වේ.
2025 වසරේදී ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින් පාර්ලිමේන්තුවේ තොරතුරු හා සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් ඇගයීමක් කර ඇත. එහිදී කරුණු 56ක් පරීක්ෂා කර ඇති අතර ඉන් කරුණු 46ක අවදානම ඉහළ මට්ටමක පවතින බව අනාවරණය වී තිබේ.
සයිබර් තාක්ෂණය අවභාවිත කරමින් ඩිජිටල් පද්ධතිවලට අනවසරයෙන් ඇතුළු වී සංවේදී තොරතුරු සොරකම් කිරීම, ආයතනයේ මෙහෙයුම් කටයුතුවලට බාධා පැමිණවීම, වෙබ් අඩවිවල අන්තර්ගතය විකෘති කරමින් ආයතනවල කීර්තානාමයට හානි කිරීම වැනි අනර්ථ ක්‍රියා කිරීමේ යම් අවදානමක් ඇති බව එහිදී අනාවරණය වී තිබිණි. මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ යුතුව ඇති බව විගණනයේදී නිරීක්ෂණය වී ඇත.

