කරූලාට එරෙහි මොරටුවේ පාපැදි නඩුව නිෂ්ප්රභ වේ
30 October 2026 | ඉෂාර රත්නකාර
කරූලාට එරෙහි මොරටුවේ පාපැදි නඩුව නිෂ්ප්රභ වේ
30 October 2026 | ඉෂාර රත්නකාර
ශ්රී ලංකා පාපැදි සම්මේලනයේ හිටපු සභාපති එන්. කරුණාරත්න ඇතුළු තිදෙනකුට එරෙහිව පවරා තිබූ නඩුවක් මොරටුව දිසා අධිකරණය ඊයේ (29 වැනිදා) නිෂ්ප්රභ කළේය.
පැමිණිලි පාර්ශ්වය විසින් අදාළ නඩුව ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන් අධිකරණය මගින් එය නිෂ්ප්රභ කර තිබේ.
පැමිණිලි පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මනෝජ් ගමගේ කරුණු ඉදිරිපත් කරමින් ක්රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේට පැවැරී ඇති බලතල ප්රකාරව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා පාපැදි සම්මේලනයේ ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට මේ වන විට පියවර ගෙන ඇති හෙයින් අදාළ නඩුකරය පවත්වාගෙන යෑමේ අවශ්යතාවයක් නොමැති බව පෙන්වා දුන්නේය.
ඒ අනුව අදාළ නඩුව ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන මෙන් නීතිඥ මනෝජ් ගමගේ දන්වා සිටියේය.
එම ඉල්ලීමට විත්තිකාර පාර්ශ්වය විරුද්ධතාවයක් නොදැක්වූ අතර ඒ අනුව නඩුව නිෂ්ප්රභ කිරීමට දිසා විනිසුරුවරයා තීරණය කළේය.
පාපැදි සම්මේලනයේ හිටපු සභාපති එන්. කරුණාරත්න, ඔහු සභාපති ධුරය දරන අවධියේ එම සම්මේලනයේ ලේකම්වරයා වූ නිහාල් කුලසේකර සහ එවක භාණ්ඩාකාරික සේනක රණසිංහ යන අයට එරෙහිව ඔවුන්ගේ ධුර කාලයෙන් පසුව පාපැදි සම්මේලනයේ ලේකම් ධුරයට පත්වූ නලීන් අධිකාරි ආරච්චිගේ විසින් අදාළ නඩුව මොරටුව දිසා අධිකරණය හමුවේ පවරා තිබිණි.
සිය ධුර කාලයේදී නිසි පරිදි ගිණුම් වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් එවක ක්රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් එන්. කරුණාරත්න ඇතුළු එහි නිලධාරීන් තිදෙනාට ජාතික ක්රීඩා සංගමයක තනතුරු දැරීම තහනම් කර තිබියදී එන්. කරුණාරත්න ඇතුළු අදාළ පුද්ගලයන් රට තුළ සහ ජාත්යන්තරය හමුවේ ශ්රී ලංකා පාපැදි සම්මේලනයට අදාළව කටයුතු කිරීමට පෙලඹී ඇතැයිද පවසමින් එය වළක්වන වාරණ නියෝගයක් ඉල්ලා මෙම නඩුව මොරටුව දිසා අධිකරණය හමුවේ පවරා තිබිණි.

