brand logo
logo
රන්මල් කොඩිතුවක්කු ඇතුළු පොලිස් නිලධාරින් පිරිසකගේ ස්ථාන මාරුවීම් ප්‍රතික්ෂේප කෙරේ

රන්මල් කොඩිතුවක්කු ඇතුළු පොලිස් නිලධාරින් පිරිසකගේ ස්ථාන මාරුවීම් ප්‍රතික්ෂේප කෙරේ

01 October 2026

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන යන මහත්වරුන් ඇතුළු නිලධාරින්ගේ ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් කොමිසම විසින් අවලංගු කර තිබේ.


අදාළ ඉල්ලීම පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිෂන් සභාව වෙත අදාළ ඉල්ලීම සිදු කර ඇත.


පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ අධ්‍යක්ෂ, පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙකු සහ කාන්තා පොලිස් පරීක්ෂකවරුන් ඇතුළු පිරිසකගේ ස්ථාන මාරුවීම් මෙලෙස ප්‍රතික්ෂේප කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

අද (01) පැවති පොලිස් කොමිසමේදී මෙම තීරණය ගෙන ඇත. 

 

More News..