ඉන්දීය ආරක්ෂක ඇමැති හෙට ලංකාවට
07 September 2026 | ශිරාන් රණසිංහ
ඉන්දීය ආරක්ෂක ඇමැති හෙට ලංකාවට
07 September 2026 | ශිරාන් රණසිංහ
ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව තර කිරීෙම් ද්වි පාර්ශ්වීය ගිවිසුම ශක්තිමත් කිරීමට සාකච්ඡා සඳහා ඉන්දීය ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං හෙට (8 වැනිදා) තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය මෙරටට පැමිණේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක අතර ඉකුත් 2025 වසරේ අප්‍රේල් මස අත්සන් කළ ඉන්දීය - ශ්‍රී ලංකාව අතර අත්සන් තබා තිබෙන සාගර හා ආරක්ෂිත සහයෝගිතා ගිවිසුමට අදාළ කටයුතු පිළිබඳ මෙසේ සොයා බැලීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කොට ඇත.
හෙට (8 වැනිදා) මෙරටට පැමිණෙන ඉන්දීය ආරක්ෂක ඇමැති ලබන 10 වැනිදා තෙක් මෙරට රැඳී සිටීමට නියමිතය.
මෙරටට පැමිණෙන ඉන්දීය ආරක්ෂක ඇමැතිවරයා සමග එරට ආරක්ෂක අමාත්‍යාංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක්ද මෙරටට පැමිණීමට නියමිතය.
ඉන්දීය ආරක්ෂක ඇමැතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක හා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මුණගැසී සාකච්ඡා කිරීමටද නියමිතය. මෙම සංචාරයේ මෙරට ආරක්ෂක ප්‍රධානීන් සහ ප්‍රධාන පෙළේ දේශපාලන නායකයන්ද මුණ ගැසීමට නියමිත බවද වාර්තා වේ.

