Best News Website award
brand logo
logo
කළු ජූලි සිදුවීම සොයා බැලීමට සරෝජා පෝල්රාජ්ගේ සභාපතිත්වයෙන් විශේෂ කාරක සභාවක්

කළු ජූලි සිදුවීම සොයා බැලීමට සරෝජා පෝල්රාජ්ගේ සභාපතිත්වයෙන් විශේෂ කාරක සභාවක්

28 November 2026


1983 කළු ජූලි ඛේදවාචකය සහ එමඟින් ඇති වූ බලපෑම් පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයක් සිදු කර වාර්තා කිරීම වෙනුවෙන්, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මියගේ සභාපතිත්වයෙන් සාමාජිකයන් 11 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබේ.


අද (28) පාර්ලිමේන්තුවට මේ බව නිවේදනය කරමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ; එම සිදුවීමේ බලපෑම් පිළිබඳ පූර්ණ අධ්‍යයනයක් කර වාර්තා කිරීමටත්, ජාතික සහජීවනය ශක්තිමත් කිරීම සහ පීඩාවට පත් වූවන්ට සහන සැලසීම සම්බන්ධයෙන් සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මෙම විශේෂ කාරක සභාව පත් කර ඇති බවය.

 

More News..