ප්‍රමිතියෙන් තොර රුපියල් ලක්ෂ 25ක හයිලන්ඩ් කිරිපිටි සත්ත්ව ආහාරයට
3 years ago
Share on
හයිලන්ඩ් සමාගම නිෂ්පාදනය කරන ලද කිරිපිටි ටොන් පහක් (05) ප්‍රමිතියෙන් තොර වීම නිසා සත්ත්ව ආහාර සඳහා මුදා හැර තිබේ.
එහි වටිනාකම ලක්ෂ තිස්පහකට ආසන්නය. ඉන් කිරිපිටි තොගයක් සත්ත්ව ආහාර සඳහා මාරවිල පිහිටි පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් හොරකැලේ සත්ත්ව ගොවිපොළට මුදා හරින බව පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෙත පශු සම්පත් මණ්ඩලය දැනුම් දී ඇත. කිරිපිටි ටොන් 02ක් 23 වැනිදා දහවල් මාරවිල පිහිටි හොරකැලේ සත්ත්ව ගොවිපොළ වෙත ගෙනවිත් භාර දීමටද අදාළ ආයතනය කටයුතු කර ඇත. තවත් කිරිපිටි ටොන් 03ක් රිදීගම පිහිටි පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් සත්ත්ව ගොවිපොළක් වෙත යවා තිබේ.
ජූඩ් සමන්ත