brand logo

පළාත් සභා මැතිවරණය සම්බන්ධ ස්ථාවරය නීතීඥ සංගමය ශේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

4 years ago

Share on

පළාත් සභා මැතිවරණක් පැවැත්වීමට නීතියේ විධිවිදාන නොමැති බවට නීතීඥ සංගමය විසින් ශේෂ්ඨාධිකරණය වෙත තම ස්ථාවරය සඳහන් කර ඇත. පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශේෂ්ඨාධිකරණය වෙත යොමු කර තිබෙන මත විමසීම සඳහා ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් මෙම ස්ථාවරය ශේෂ්ඨාධිකරණයට යොමු කර ඇත. සීමා නිර්ණ වාර්තාව මෙතෙක් ඉදිරිපත් වී නොමැති වාතාවරණයක් තුළ පළාත් සභා ඡන්දය පැවැත්විය හැකිද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ මතය අගෝස්තු 30 වෙනිදාට පෙර දැනුම් දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගවිනිසුරුවරයාට පසුගියදා දැනුම් දුන් අතර ඒ අනුව, අගෝස්තු 23 (හෙට) අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ එය සලකා බැලීමට නියමිතව ඇත. පළාත් සභා 9න් 8ක් සඳහා මේ වන විට මන්ත්‍රී නියෝජනයක් නොමැත. එම පළාත් සභා පාලනය වන්නේ ආණ්ඩුකාරවරුන් යටතේ වන අතර ඌව පළාත් සභා කාලය ලබන ඔක්තෝබර් මාසයේදී සම්පූර්ණ වෙයි.

You may also like