පොදුජන තරුණ පෙරමුණෙහි සම්මේලනය සෙනසුරාදා
3 years ago
Share on
ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණෙහි සම්මේලනය සෙනසුරාදා (24දා) දින කොළඹ, නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේදී පැවැත්වීමට නියමිතව ඇත.
එදින උදෑසන 09.00 සිට අනුකමිටු 04ක් යටතේ දිවයින පුරා තරුණ තරුණියන් රැසක් සමග සුහදශීලී සංවාදාත්මක වැඩසටහනක් නෙළුම් පොකුණ පරිශ්‍රයේදී ක්‍රියාත්මක කෙරෙන අතර සවස 02.00ට සමුළුව ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.
ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණ විසින් සකස් කරන ලද යෝජනා ඇතුළත් නෙළුම් ප්‍රකාශනය පක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ, ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ හා ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන් වෙත පිරිනැමීමට නියමිතව ඇත.