brand logo
logo
  කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතිකයෙකු කටුනායක දී අත්අඩංගුවට

කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග විදෙස් ජාතිකයෙකු කටුනායක දී අත්අඩංගුවට

14 April 2026


රුපියල් දෙකෝටි අට ලක්ෂ හැත්තෑ දහසක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගන ආ විදෙස් ජාතිකයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (14) අත්අඩංගුවට ගෙන තිබේ.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24ක් වන ඉන්දීය ජාතිකයෙකි.


ඔහු මෙම මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන ඇති අතර පසුව මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත පැමිණ එතැන් සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 179 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.


එහිදී ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ල තුළ වූ කාඩ්බෝඩ් පෙට්ටියක පැති බිත්තිවලට අලවා තිබියදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 02 ග්‍රෑම් 87ක ප්‍රමාණයක් මෙලෙස සොයාගෙන ඇත.


මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම ගුවන් මගියා සහ ඔහු විසින් රැගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

 

More News..