කඩු, කිනිසි සහ අත්බෝම්බයක් සමග රත්මලානේදී 6ක් අත්අඩංගුවට
07 August 2026
කඩු, කිනිසි සහ අත්බෝම්බයක් සමග රත්මලානේදී 6ක් අත්අඩංගුවට
07 August 2026
ගල්කිස්ස දූෂණ මර්දන අංශය විසින් රත්මලාන ගොනා කෝවිල ප්‍රදේශයේ දී කඩු 3ක්, කෙටේරියක්, කිනිසි 3ක් සහ මෙරට නිෂ්පාදිත අත්බෝම්බයක් සමග සැකකරුවන් 6දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල් බවට සැකකරන රුපියල් ලක්ෂ තුනක මුදලක් සහ ජංගම දුරකථන 8ක් ද ඔවුන් සන්තකයේ තිබී සොයා ගෙන තිබේ.
ගල්කිස්ස පොලිසියේ විශේෂ යතුරු පැදි බලකායේ නිලධාරියෙකු විසින් රත්මලාන ආතර් පෙදෙස ප්‍රදේශයේ දී අයිස් මිලි ග්‍රැම් 1,000 සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
එහිදී එම මත්ද්‍රව්‍ය ලබා ගත් ස්ථානය පිළිබඳව ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ මත්ද්‍රව්‍ය විකිණීම සිදු කරන මෙම නිවස පිළිබඳව තොරතුරු අනාවරණය කරගෙන ඇත.
එම නිවසට ඇතුළුවන දොරටුවේ 'සුපුන් සර්පයා ඇතුළුවීම තහනම්' යනුවෙන් සඳහන් කර තිබූ බව අප වාර්තාකරු පැවසීය.
ඒ අනුව එම ස්ථානයේ සිදු කළ සෝදිසි මෙහෙයුමේ දී මෙම ආයුධ සහ මුදල් සොයා ගැනීමට පොලීසිය සමත් වී ඇත.
මෙහිදී අත්අඩංගුවට ගෙන ඇති ප්‍රධාන සැකකරු 29 හැවිරිදි පුද්ගලයෙකු වන අතර අනෙකුත් සැකකරුවන් 33,22,24,51,36 වයසේ පසුවන රත්මලාන, නාවලපිටිය, ඇහැලියගොඩ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.
අදාළ සැකකරුවන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට නියමිතය.

