බස්නාහිර පාතාලය මැඬලීමට විශේෂ පොලිස් යතුරු පැදි බළකායක්
10 April 2024 | තිස්ස රවීන්ද්‍ර පෙරේරා
බස්නාහිර පාතාලය මැඬලීමට විශේෂ පොලිස් යතුරු පැදි බළකායක්
10 April 2024 | තිස්ස රවීන්ද්‍ර පෙරේරා
බස්නාහිර පළාතේ පාතාල මර්දන මෙහෙයුම් සඳහා යෙදවීමට පිස්තෝල කණ්ඩායම්වලින් සමන්විත විශේෂ පොලිස් යතුරු පැදි බළකායක් මේ දිනවල විශේෂ පුහුණුවීම්වල නිරතවන බව අරුණට වාර්තාවේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ අධීක්ෂණය යටතේ විශේෂ පුහුණුව ලබන මෙම කණ්ඩායම විශේෂ ප්‍රහාරක යතුරු පැදි කණ්ඩායමක් ලෙස කරළියට එන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු අරුණට පැවසීය.
පාතාල කණ්ඩායම්, වෙඩික්කරුවන් හඹා ගොස් ක්ෂණික ප්‍රතිචාර දැක්වීම ඇතුළුව විශේෂ පුහුණුවක් මෙම කණ්ඩායම්වලට ලබාදෙන බවත් එම කණ්ඩායමට විශේෂිත නිල ඇඳුමක්ද ලබාදීමට නියමිත බවත් එම නිලධාරියා සඳහන් කළේය.
පොලිස් දෙපාර්තමේන්තුව තුළ ඇති සුවිශේෂ දක්ෂතා ඇති නිලධාරීන් මෙම ඒකකයට ඇතුළත් කිරීමට කටයුතු යොදා ඇත.
මෙම යතුරු පැදි ප්‍රහාරක කණ්ඩායම් කොළඹ උතුර, කොළඹ දකුණ හා කොළඹ මධ්‍යම යන කොට්ඨාශවලට මූලික අදියරේදී යෙදවීමට නියමිතය.

