ඉන්ධන නිකුත් කිරීමට පනවා ඇති QR ක්‍රමවේදය ගැන දැනුම්දීමක්
17 July 2026
ඉන්ධන නිකුත් කිරීමට පනවා ඇති QR ක්‍රමවේදය ගැන දැනුම්දීමක්
17 July 2026
ඉන්ධන නිකුත් කිරීම සඳහා පනවා ඇති QR ක්‍රමවේදය ඉවත් කිරීමට මේ මොහොතේ සූදානමක් නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
එහි කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පැවසුවේ ලෝක වෙළෙඳපොළ තුළ ඉන්ධන සඳහා තවදුරටත් ස්ථාවරත්වයක් නොමැති වීම හේතුවෙන් මෙම පියවර තවදුරටත් ඉදිරියට ගෙන යන බවය.
QR ක්‍රමවේදය භාවිත කිරීමෙන් ඉන්ධන මෙන්ම ඩොලර් සංචිතයේද පාලනයක් පවතින බව පෙන්වා දුන් ඒ මහතා පැවසුවේ නැවත යුදමය තත්ත්වය උග්‍ර වුවහොත් මෙරට ඉන්ධන පොලිම් ඇතිවීම සහ ඒ තුළින් ජනතාව අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා තවදුරටත් QR ක්‍රමවේදය භාවිත කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇති බවය.
මෙන්ම නැවත ඇතිව ඇති යුදමය තත්ත්ව හේතුවෙන් මෙරට ඉන්ධන සැපයුම් ජාලයට කිසිදු බලපෑමක් මේ දක්වා ඇතිව නොමැති බව පෙන්වා දුන් ඒ මහතා ඉන්ධන වෙළෙඳපොළේ මිල ගණන් නැවත ඉහළ යාමක් සිදුවේද යන්න පිළිබඳව ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිරන්තර නිරීක්ෂණය කරමින් පවතින බවද සඳහන් කළේය.

