brand logo
logo
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් පීඩාවට පත් නිලධාරීන්ට විශේෂ වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය

මීගමුව බන්ධනාගාර ගැටුමෙන් පීඩාවට පත් නිලධාරීන්ට විශේෂ වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය

27 October 2026


මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමින් ජීවිතක්ෂයට පත්වූ සහ තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් සඳහා විශේෂ වන්දි මුදලක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.


රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය යටතේ ගෙවනු ලබන වන්දිවලට අමතරව මෙම විශේෂ වන්දි මුදල හිමිවනු ඇත.


ඒ අනුව, ජීවිතක්ෂයට පත් වූ සෑම නිලධාරියෙකුටම රුපියල් මිලියන 05 බැගින් වූ වන්දි මුදලක් සහ පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ නිලධාරියෙකු සඳහා ද රුපියල් මිලියන 05ක මුදලක් හිමිවනු ඇත.


එමෙන්ම, අර්ධ ආබාධිතව උපරිම ඉපයීමේ ශක්තිය ක්ෂය වීමේ ප්‍රතිශතය 100%ක තත්ත්වයට පත් වූ නිලධාරියෙකුට රුපියල් මිලියන 04ක වන්දි මුදලක් සහ තාවකාලික අර්ධ ආබාධිත තත්ත්වයට පත් වූ නිලධාරියෙකුට රුපියල් මිලියන 03ක වන්දි මුදලක් මෙම විශේෂිත වන්දි ගෙවීම් යටතේ පිරිනැමේ.


මේ අතර, බන්ධනාගාර උපක්‍රමික බලකායට නෛතික තත්ත්වය ලබා දීමට හැකිවන පරිදි යෝග්‍ය විධිවිධාන ඇතුළත් කරමින් බන්ධනාගාර ආඥාපනත සංශෝධනය කිරීමට ද මෙහිදී කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 


මීට අමතරව, ප්‍රමාණවත් සහ සුදුසු නිලධාරීන් සංඛ්‍යාවක් බඳවා ගැනීමෙන් එම බලකාය ශක්තිමත් කිරීම, විධිමත් පුහුණුවක් ලබා දීම, අවශ්‍ය නවීන උපකරණ ලබා දීම මෙන්ම බන්ධනාගාර උපක්‍රමික බලකා මූලස්ථානය සුදුසු ස්ථානයක පිහිටුවීමට පියවර ගැනීම සඳහා ද තීරණය වී ඇත.

 

More News..