brand logo
logo
ගම්පහ මාර්ග අනතුරු ඉහළට

ගම්පහ මාර්ග අනතුරු ඉහළට

05 November 2026


දිවයින පුරා මාර්ග අනතුරු ඉහළ යෑමේ දැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන අතර, ඉන් වැඩිම අනතුරු සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව අනාවරණය වී තිබේ.


2026 මාර්තු සහ ජූලි යන මාස අතර කාල සීමාව තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් ස්ථාන 20ක දත්ත ඇසුරින් සිදුකළ අධ්‍යයනයකට අනුව, එම කාලය තුළ පමණක් සිදුව ඇති මාර්ග අනතුරු සංඛ්‍යාව 424ක ඉහළ අගයක් ගන්නා බව සිට්‍රා සමාජ නවෝත්පාදන පර්යේෂණායතනයේ ශක්‍යතා සංවර්ධන විශ්ලේෂක රලනි වීරසිංහ සඳහන් කළාය.


ඇය මේ බව අනාවරණය කළේ මාර්ග අනතුරු වළක්වා ගැනීම සම්බන්ධයෙන් ඉකුත් දා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවේදීය. 


ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව සංවිධානය කර තිබිණි.


දිනෙන් දින ඉහළ යන මෙම මාර්ග අනතුරු අවම කර ගැනීම සඳහා සියලු පාර්ශ්වයන්ගේ මැදිහත්වීමෙන් කඩිනම් හා විධිමත් ක්‍රියාමාර්ග ගත යුතු බව මෙහිදී අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ සඳහා පූර්ණ අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙස අදාළ සියලුම රාජ්‍ය හා ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.


 

More News..