අයවැය යෝජනාවලිය තුළින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවය නොසලකා හැරලා
14 November 2026
අයවැය යෝජනාවලිය තුළින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවය නොසලකා හැරලා
14 November 2026
2027 අයවැය යෝජනාවලිය තුළින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවය නොසලකා හැර ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමය සඳහන් කරනුයේ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය තුළින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගැටලු සඳහා විසඳුම් ලබා දීමට කිසිදු පියවරක් නොගැනීම කණගාටුවට කරුණක් වන බවය.
මෙරට දිවයින පුරා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට සහ පළාත්පාලන දෙපාර්තමේන්තුවට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2,400ක් පමණ සේවය කරන බවත් මෙම නිලධාරීන් දිවයින පුරා රාජකාරි කටයුතු කිරීමේදී දුෂ්කරතා රැසකට මුහුණ දෙන බවත් එම සංගමය පෙන්වාදී තිබේ.
ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පවතින ගැටලු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අනෙකුත් පාර්ශ්වයන් දැනුවත් කිරීමටද පියවර ගෙන තිබුණු බවද එම සංගමය පෙන්වා දී ඇත.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කර ඇත්තේ ග්‍රාම නිලධාරී එක් වසමකට පමණක් සීමාවන අනෙකුත් ක්ෂේත්‍ර නිලධාරීන්ගේ කාර්යාල දීමනාව මෙවර අයවැයෙන් වැඩි කර ඇති පසුබිමක ග්‍රාම නිලධාරී වසම් 10-20 අතර ප්‍රමාණයක විශාල ක්ෂේත්රයකට වගකියන සහ ක්ෂේත්රගත කාර්යාලයක් නඩත්තු කළ යුතු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ කාර්යාල දීමනාව පිළිබඳව මෙවර අයවැයෙන් නොසලකා හැර ඇති බවය.
එමෙන්ම ග්‍රාම නිලධාරී වසම් 10-20 අතර ප්‍රමාණයක විශාල ක්ෂේත්රයක දිනකට කි.මි. 100ක් පමණ ගමන් කරමින් රාජකාරි සිදුකරන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගමන් වියදම් දීමනාවද මෙවර අයවැයෙන් නොසලකා හැර ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පෙන්වා දී තිබේ.
තවද යතුරුපැදි ලැබීමට සුදුසුකම් ලබා ඇති නමුත් යතුරුපැදි නොලබන සියලුම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යතුරුපැදි ලබා දීමට වැඩපිළිවලක්ද මෙරව අයවැයෙන් යෝජනා කර නැතැයිද ඔවුන් සඳහන් කර ඇත.
ඒ අනුව අයවැය තුළින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සේවාව රජය විසින් නොසලකා හැර ඇති බවත් සඳහන් කර ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ පවතින ගැටලු සඳහා අයවැය තුළින්ම කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන ලෙසත්ය.


