brand logo
logo
 දියේ ගිලී පුද්ගලයෙකු මරුට

දියේ ගිලී පුද්ගලයෙකු මරුට

19 July 2026

 


නොච්චියාගම, අන්දරවැව ප්‍රදේශයේ දී දියේ ගිලීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.


මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 62ක් වූ අන්දරවැව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු වේ.


අදාළ පුද්ගලයා පසුගිය 17වනදා රාත්‍රියේ නිවස අසල ඇති ගල් වලක මාළු ඇල්ලීමට ගොස් සිටියදී මෙම අනතුර සිදුව ඇත.


පොලිසිය පැවසුවේ මියගිය පුද්ගලයාගේ සිරුර එම ගල් වලෙහිම මාළු දැලක පැටලී තිබියදී සොයා ගත් බවය.

 

More News..