brand logo
logo
 වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිසට පානීය ජල බෙදා හැරීම තවදුරටත්

වියළි කාලගුණයෙන් පීඩාවට පත් පිරිසට පානීය ජල බෙදා හැරීම තවදුරටත්

07 September 2026


වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් දිස්ත්‍රික්කවලට පානීය ජලය බෙදා හැරීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.


එම මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් දනන්සූරිය මහතා පැවසුවේ වියළි කාලගුණයෙන් පීඩාවට පත් මොනරාගල, මඩකලපුව, පොළොන්නරුව, අම්පාර, බදුල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා පානීය ජලය බෙදා දීමේ කටයුතු අඛණ්ඩව සිදුවන බවය.


පසුගිය සතියට සාපේක්ෂව මේ වන විට ආපදාවට ලක්වූ පිරිසේ යම් වැඩිවීමක් පෙන්නුම් කරන බවත් මීට හේතුව වී ඇත්තේ එම දිස්ත්‍රික්ක සඳහා නිසි පරිදි මේ වන තෙක් වර්ෂාපතනයක් නොලැබීම බවද ඒ මහතා සඳහන් කළේය.


ඒ අනුව මෙම මාසයේ අග දක්වාම මෙම සංඛ්‍යාවේ අඛණ්ඩ වැඩි වීමක් සිදුවිය හැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.


එමෙන්ම වියළි කාලගුණයෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශ ආශ්‍රිතව සිටින ජනතාවට මේ දක්වා පානීය ජලය ලැබී නොමැතිනම් හෝ මේ පිළිබඳව ගැටලු පවතින්නේ නම් අදාළ ප්‍රදේශය භාර ග්‍රාම නිලධාරීවරයා හෝ ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කරන ලෙසද ඒ මහතා සඳහන් කළේය.


තවද ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ දුරකථන අංක 0716807807 යන දුරකථන අංකය වෙත ඇමතුමක් ලබා දී පානීය ජලය සපයා ගැනීමේ ගැටලු පවතින්නේ නම් ඒ පිළිබඳව දැනුවත් කළ හැකි බවත් ඒ අනුව අදාළ අංශ දැනුවත් කරමින් පානීය ජල අවශ්‍යතා සම්පූර්ණ කිරීමට කටයුතු කළ හැකි බවද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

 

More News..