brand logo
logo
 ශ්‍රී ලංකා කණ්ඩායම අයි.සී.සී. එක්දින ශ්‍රේණිගත කිරීම්වලිනුත් පහළට

ශ්‍රී ලංකා කණ්ඩායම අයි.සී.සී. එක්දින ශ්‍රේණිගත කිරීම්වලිනුත් පහළට

23 September 2026


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අයි.සී.සී. එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි 7 වන ස්ථානය දක්වා පහත වැටී තිබේ.


එංගලන්ත කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරගයේ පරාජය ඊට හේතුවූ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.


ඒ අනුව, ශ්‍රේණිගත ලකුණු 95කට හිමිකම් කියන ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින කණ්ඩායම් ‍ශ්‍රේණිගත කිරීමේ 7වන ස්ථානය දක්වා පහතට වැටී ඇති අතර මෙතෙක් 7 වන ස්ථානයේ පසු වූ එංගලන්ත කණ්ඩායම 6 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.


ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ පෙරමුණේ පසුවන අතර දෙවන ස්ථානය නවසීලන්තයටත් එහි තෙවන ස්ථානය ඔස්ට්‍රේලියාවටත් හිමිව තිබේ.

 

More News..