brand logo
logo
අතුරුගිරිය, හබරකඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක්

අතුරුගිරිය, හබරකඩ ප්‍රදේශයේ වෙඩිතැබීමක්

17 August 2026

අතුරුගිරිය පොලිස් වසමේ හබරකඩ ප්‍රදේශයේ සීලාලංකාර මාවතේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.


සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ, හෝටල් හිමිකරුවෙක් බවට තොරතුරු වාර්තා වෙයි.


ඔහු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ඩුබායි කසුන් නැමැත්තාගේ ඥාතියෙකු බව සඳහන්ය.


තුවාලකරු මේ වනවිට හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ති‌බේ.


සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අතුරුගිරිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.

 

More News..