කාන්තා එක්දින තරගාවලියේ ශූරියන් තීරණය වන දිනය අද
28 July 2026
කාන්තා එක්දින තරගාවලියේ ශූරියන් තීරණය වන දිනය අද
28 July 2026
මෙරට සීමිත පන්දුවාර ක්‍රිකට් සංචාරයක නිරත පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එක්දින තරගාවලියට අදාළ තෙවැනි සහ අවසන් එදින ක්‍රිකට් තරගය අද (28 වැනිදා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංණයේදී පැවැත්වීමට නියමිතව ඇත. මේවන විට තරගාවලිය තරග 1-1ක් ලෙස කණ්ඩායම් දෙකම සම තැන් ගෙන සිටින අතර අද තරගය ජයගන්නා කණ්ඩායම මෙම තරගාවලියේ ශූරතාවට හිමිකම් කියනු ඇත.
තරගාවලියේ ප්‍රථම තරගය ශ්‍රී ලංකාව ලබා දුන් ලකුණු 211ක ඉලක්කය කඩුලු 5ක් පමණක් දැවී හඹා යාමට පාකිස්තාන කණ්ඩායම සමත් වූ අතර දෙවැනි තරගයේදී විශිෂ්ට හබායාමක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයෙන් හිමිවූ ලකුණු 274ක ඉලක්කය සාර්ථකව හඹා යාමට සමත් වූයේ කඩුලු 2ක් පමණක් දැවී යමිනි. එහිදී වාර්තාගත පිතිහරඹයක නිරත වූ විශ්මි ගුණරත්න සහ හර්ෂිතා සමරවික්‍රම දෙවැනි කඩුල්ල සඳහා ද්විත්ව ශතක ලකුණු සබඳතාවක් නිර්මාණය කරමින් ශතක වාර්තා කිරීමට සමත් වීම කැපීපෙනුණි.
අද පැවැත්වෙන තරගයෙන් අනතුරුව දෙරට අතර විස්සයි විස්ස තරගාවලිය රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඇරැඹීමට නියමිත අතර එහි ප්‍රථම තරගය 31 වැනිදාත්, දෙවැනි සහ තුන්වැනි තරග පිළිවෙළින් අගෝස්තු 2 වැනිදා සහ 4 වැනිදා පැවැත්වේ.

