පාකිස්තානයට එරෙහි ටෙස්ට් සටන පැතුම්ට අහිමි වෙයි
26 October 2026
පාකිස්තානයට එරෙහි ටෙස්ට් සටන පැතුම්ට අහිමි වෙයි
26 October 2026
පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ශ්රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට අහිමි වී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා ක්රිකට් ආයතනය අද (26) රාත්රියේ දන්වා සිටියේ, පැතුම්ගේ වම් පාදයේ කලවා ආශ්රිත ආබාධ තත්ත්යෙන් තවමත් ඔහු සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති බවය.
ඒ හේතුවෙන් පැතුම් වෙනුවට ළහිරු උදාර කණ්ඩායමට කැඳවීමට ක්රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත. උදාර දැනටමත් ශ්රී ලංකා එක්දින සංචිතයේ සාමාජිකයෙකු ලෙස පාකිස්තානයේ රැඳී සිටී.
කුසල් මෙන්ඩිස්ගේ නායකත්යෙන් ක්රීඩකයන් 15දෙනෙකුගෙන් සමන්විත ශ්රී ලංකා සංචිතය පසුගියදා නම්කළේය.
මෙය කුසල් මෙන්ඩිස් නව නායකයා ලෙස පත්වීමෙන් පසු ක්රීඩාකිරීමට නියමිත පළමු ටෙස්ට් තරගාවලිය වේ.
දෙරට අතර පළමු ටෙස්ට් තරගය නොවැම්බර් 9 වැනිදා රාවල්පිණ්ඩිහිදී පැවැත්වීමට නියමිතය.

