brand logo
logo
20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ජපානයේ දී ඇරඹේ

20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ජපානයේ දී ඇරඹේ

19 September 2026

20වැනි 'ආසියානු ක්‍රීඩා උළෙල ජපානයේ අයිචි නගෝයා නගර කේන්ද්‍ර කරගනිමින් අද (19) ආරම්භ විය. ‍මෙය ඔක්තෝබර් 4වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.


ආසියාවේ විශාලතම උළෙල වන මෙම ක්‍රීඩා උළෙලේ මෙවර තේමා පාඨය 'Imagine One Asia' ලෙසින් නම්කර ඇත.


ආසියානු ඔලිම්පික් කවුන්සිලයට අයත් රටවල් සහ කලාප 45ක් සමගින් ප්‍රථමවරට එක්වන ආසියානු සරණාගත කණ්ඩායමක්ද ඇතුළත්ව සමස්ත කණ්ඩායම් 46ක් මෙවර තරගාවලියට එක්ව සිටියි.

ජපානය ආසියානු ක්‍රීඩා උළෙලකට සත්කාරත්වය දක්වන තෙවන අවස්ථාව මෙය වන අතර, මීට පෙර 1958 වසරේ දී ටෝකියෝ සහ 1994 වසරේදී හිරෝෂිමා නගරවල මෙය පවත්වා තිබේ.


ක්‍රීඩා උළෙලේ සමාරම්භක සහ සමාප්ති උළෙල ඇතුළු ප්‍රධාන මලල ක්‍රීඩා තරග පැවැත්වෙන ක්‍රීඩාංගණය ලෙස 35,000ක ආසන ධාරිතාවක් ඇති පලෝමා මිසුහෝ ක්‍රීඩාංගණය නම්කර ඇත.


මෙවර ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000කට අධික සංඛ්‍යාවක් සහ නිලධාරීන් 6,000ක් පමණ සහභාගී වන අතර, ඔවුන් ක්‍රීඩා 43ක් යටතේ තරග ඉසව් 469කදී තරග වැදීමට නියමිතය.


මෙවර තරගාවලිය සඳහා Padel, Teqball, Surfing මෙන්ම ප්‍රථමවරට ඇතුළත් කරන ලද Virtual Taekwondo වැනි ක්‍රීඩාද එක්කර තිබීම විශේෂත්වයක්ය.

 

More News..